පෙබරවාරි 28 වන දින, එක්සත් ජනපදය ඉරානයට එරෙහි ව යුද්ධය ආරම්භ කල වහා ම, සමාජවාදී සමානතා පක්ෂයේ (සසප-ඇමරිකා එක්සත් ජනපදය) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් “කම්කරු පන්තිය සහ තරුනයින් සහ සියලු ප්රගතිශීලී ජනතාව යුද්ධය අවසන් කිරීම සඳහා අරගල කිරීමට මූලිකත්වය ගත යුතු ය” යැයි ඉල්ලමින් ප්‍රකාශයක් නිකුත් කලේ ය.
නෝර්ත් මෙසේ අවධාරනය කලේ ය: “ඔහු [ට්‍රම්ප්] එක්සත් ජනපදය සහ මුලු ලෝකය ම විනාශකාරී මාවතකට යොමු කර ඇත. මෙම යුද්ධය ඇමරිකානු සමාජයේ අභ්‍යන්තර සමාජ අර්බුදය විසඳන්නේ නැත, එක්සත් ජනපද ධනවාදයේ ගෝලීය තත්වයෙහි ඇති ව තිබෙන දිග්ගැස්සුනු පිරිහීම ආපසු හැරවිය නොහැක.” ඔහු මෙසේ අනතුරු ඇඟවුයේ ය: “දේශීය හා ජාත්‍යන්තර වශයෙන් මෙම සියලු ප්රතිවිරෝධතා තීව්ර වනු ඇත. යුද්ධය ම අනිවාර්යයෙන්ම උත්සන්න වී මුලු ග්‍රහලෝකය ම අලලා ගනු ඇත.”
යුද්ධය තුන්වන සතියට පිවිස ඇත. එහි විනාශකාරී ප්‍රතිවිපාක පිලිබඳ නෝර්ත්ගේ අනතුරු ඇඟවීම සම්පූර්නයෙන් ම සනාථ වී තිබේ, යුද්ධය නැවැත්වීම සඳහා සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම් වූ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවය මතු වී ඇත. ගෝලීය වශයෙන්, ව්‍යාජ වාම කන්ඩායම් ඇතුලු විවිධ රැඩිකල්වාදියෝ එක්කෝ අධිරාජ්‍යවාදී යුද්ධයේ කඳවුරට එක් ව සිටිති; නැතහොත් යුද්ධය අවසන් කරන ලෙස අධිරාජ්‍යවාදී බලවතුන්ට නිෂ්ඵල ආයාචනා කරමින් සිටිති. ශ්‍රී ලංකාවේ ව්‍යාජ වාම කන්ඩායමක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද දෙවන කඳවුරේ වාඩි වී සිටී.
මාර්තු 3 වන දින පෙසප මධ්‍යම කාරක සභාව ප්‍රකාශයක් නිකුත් කරමින් ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල ප්‍රහාරය “පැහැදිලි ව ම හෙලා දකින” බව කියා සිටියේ ය. “අධිරාජ්‍යවාදී යුද්ධයේ විනාශයට එරෙහි ව ගෝලීය ජනතා බලයක් ගොඩනඟන ලෙස” එය ඉල්ලා සිටී.
ප්‍රකාශයේ මෙසේ ද සඳහන් වේ: “... න්‍යෂ්ටික බලයන් අතර නැගී එන මිලිටරි ආතතීන් මානව වර්ගයාගේ සහ සමස්ත ග්‍රහලෝකයේ පැවැත්ම අනතුරේ හෙලා ඇත… ‘කම්කරු පන්ති නායකත්වය මත කේන්ද්‍ර කරගත් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව ජාත්‍යන්තර ජනතා බලය’ ගොඩනැගීම මානව වර්ගයාගේ අනාගතය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.”
යුද විරෝධී වාක්‍ය ඛන්ඩවලින් අලංකාර කරමින්, ගැටුම ඇවිල වූ අධිරාජ්‍යවාදී බලවතුන්ට ම එය නැවැත්වීම සඳහා නිෂ්ඵල ආයාචනා කිරීම සඳහා පෙසප “ගෝලීය ක්‍රියා” යෝජනා කරයි!
“කම්කරු පන්ති නායකත්වය මත කේන්ද්‍රගත” කෙරුනු “ජාත්‍යන්තර ජනතා බලය” යන ෆෙසප කතාව වංචනික ය. ලෝක ධනේශ්වර ක්‍රමය තුල පවතින එක ම විප්ලවවාදී බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තිය බව පෙසප ප්‍රතික්ෂේප කරයි. සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ ව තම පන්ති බලය ස්වාධීන ව බලමුලු ගැන්වීමෙන්, යුද්ධය නැවැත්වීමට හැකි එක ම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි.
පෙසප මුලු ප්‍රකාශයේ ම “සමාජවාදය” යන වචනය එක් වරක් හෝ සඳහන් ව නොතිබීම පුදුමයක් නොවේ. ලෝක ධනවාදී පද්ධතිය තුල “විසඳුම්” හෝ ප්රතිසංස්කරන සෙවීම මත පදනම් වන මෙවන් කන්ඩායම් වල දේශපාලනය යොමු වී ඇත්තේ, අධිරාජ්‍යවාදී බලයන්ට බලපෑම් කිරීම සඳහා කම්කරු පන්තිය නිෂ්ඵල විරෝධතාවලට ගැට ගසමින්, එය දේශපාලනික ව නිරායුධ කිරීමට යි.
මාර්තු 5 වන දින පැවති මාධ්‍ය හමුවක දී පෙසප නායක දුමින්ද නාගමුව විසින් කරන ලද ප්‍රකාශ මගින් මෙම කන්ඩායම්වල ධනේශ්වර ගැති දේශපාලනය තවදුරටත් හෙලි වේ. මෙම මාධ්‍ය හමුව සංවිධානය කරන ලද්දේ පෙසප ප්රමුඛ කාර්යභාරයක් ඉටු කරන, අවස්ථාවාදීන් ගේ එකතුවක් වන මහජන අරගල සන්ධානය (පිඑස්ඒ) විසිනි.
ජේවීපී/එන්පීපී ආන්ඩුව යුද්ධය හෙලා දැක නොමැති බවට චෝදනා කල නාගමුව පැවසුවේ, එය ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් “හීලෑ කරනු” ලැබ ඇති බවයි. ඔහු ආන්ඩුවට මෙසේ උපදෙස් දුන්නේ ය: ඇමරිකා එක්සත් ජනපදයේ හෝ චීනයේ පැත්ත නොගන්න; දෙදෙනා ම “සීසෝ” කොන් වල වාඩි වී සිටිති; අපි අනතුරේ; ඒ නිසා අපි ආන්ඩුවට කියනවා මේ යුද්ධයේ දී නොබැඳි පිලිවෙතක් අනුගමනය කරන්න කියලා. ඒක තමයි මේ වෙලාවේ හොඳම දේ.” [අපගේ අවධාරනය]
ජේවීපී/එන්පීපී ආන්ඩුව ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එරෙහි යුද්ධය හෙලා දැකීම ප්‍රතික්ෂේප කිරීම අධිරාජ්‍යවාදී බලවතුන් විසින් හීලෑ කිරීමේ ප්‍රතිඵලයක් නොවේ. ජවිපෙ සුලු ධනේශ්වර ව්‍යාපාරය දශක ගනනාවක් තිස්සේ “නොබැඳි ප්‍රතිපත්තිය” උත්කර්ෂයට නැංවූයේ ය. 2024 දී බලයට පත් වූ දා සිට, ජවිපෙ ප්රමුඛ ආන්ඩුව නොබැඳි සාටක ඉවත දමා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පැත්ත ගෙන ඇත. ඉරානයට එරෙහි ප්‍රහාරය හෙලා නොදැකීමෙන් ආන්ඩුව ඇමරිකාවට හා ඊශ්‍රායලයට තම සහයෝගීතාවය පෙන්නුම් කර ඇත.
පෙසප 2012 දී පිහිටුවන ලද්දේ ජනතා විමුක්ති පෙරමුනෙන් බිඳී ගිය කන්ඩායමක් විසිනි. පෙසප, ජවිපෙ විදේශ ප්‍රතිපත්ති උරුමය කරපින්නා ගෙන යයි.
1960 ගනන්වල මුල සිට ම “නොබැඳි පිලිවෙත” කිසිදා අධිරාජ්‍ය විරෝධී හෝ යුද විරෝධී එකක් නොවිය. එය, සීතල යුද්ධය අතරතුර එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ සෝවියට් සංගමය අතර උපාමාරු දැමීමට ඉන්දුනීසියාව සහ ඉන්දියාව වැනි රටවල් ගත් උත්සාහයක් විය. සෝවියට් සංගමය විසුරුවා හැරීමත් සමග එය බිඳ වැටුනි. එය එහි සාමාජිකයින් බොහෝ දෙනෙකු එක්සත් ජනපදය සමඟ විවෘත ව පෙලගැස්වීමට හේතු විය.
මේ සියලු ඊනියා නොබැඳි රටවලට එක්සත් ජනපදය විසින් චීනයට එරෙහි වොෂින්ටනයේ මිලිටරි ගොඩනැගීම් සමඟ තම පැත්ත ගන්නා ලෙස බලපෑම් කෙරෙයි. බොහෝ රටවල් දැනටමත් ඇමරිකාවේ පැත්ත ගෙන ඇත. ඉන්දියාව පෙරමුනේ ම සිටින අතර එක්සත් ජනපද-ඊශ්‍රායල් යුද්ධයට සම්පූර්නයෙන් ම සහාය වෙයි.
පෙසප යෝජනා කරන නොබැඳි පිලිවෙත ද එදා මෙන් ම අධිරාජ්‍ය විරෝධී හෝ යුද විරෝධී එකක් නොවේ. එහි සාරය අධිරාජ්‍යවාදයට හෝ යුද්ධයට විරුද්ධ ව සටන් කිරීම නොවේ. දෙපැත්තෙන් ම කාගෙන කුරුබිලියක් තනාගෙන ආරක්ෂා විය හැකි ය යන මුලාවක් වගාදිගා කිරීමකි.
වත්මන් ගැටුම මැද පෙරදිග තෙල් හා ගෑස් සම්පත් පාලනය කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර තරඟයක් බව නාගමුව පැවසී ය. මෙම ප්‍රකාශය ඇමරිකා එක්සත් ජනපදයේ නව යටත් විජිත අල්ලා ගැනීමේ ධාවනය වසන් කිරීමකි. පීඩිත රටක් වන ඉරානයට එරෙහි ව ඇමරිකා එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කෙරෙන්නේ මෙම විජිතවාදී ධාවනයේ කොටසක් ලෙස ය. අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහාය ඇති ව, දශක තුනක් පෙර සිට එක්සත් ජනපදය ගෙන යන ගෝලීය ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කය වන්නේ චීනය සහ රුසියාව එහි ආධිපත්‍යය යටතට ගැනීමයි.
ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය එක ම තලයක තැබීමෙන්, පෙසප, සැබෑ ආක්රමනිකයා වන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්රතිගාමී ක්‍රියාකලාපයට යුක්තියුක්තභාවයක් සපයයි. චීනය අධිරාජ්‍යවාදී බලයක් නොවේ, 1949 විප්ලවයේ සමාජ ජයග්රහන බිඳ දැමීමෙන් පසු පරිවර්තනය වූ ධනවාදී රටකි. රුසියාව මෙන්, එය ගෝලීය අධිරාජ්‍යවාදී ක්‍රමය තුල නවාතැන සොයයි.
“අපි මේ වෙලාවේ අධිරාජ්‍යවාදී ඇමරිකානු භූ දේශපාලන ප්‍රතිපත්තියට වගේ ම ඉරානයේ තියෙන ආගමික අන්තවාදයට ද විරුද්ධ විය යුතුයි...” යනුවෙන් පැවසූ නාගමුව, “අන්න ඒ සඳහා ජාත්‍යන්තර සහයෝගිතා ව්‍යාපාරයක් ගොඩනගන්න එකතුවෙමු…”
නාගමුවගේ ප්‍රකාශයෙන් ප්රතිරාවය වන්නේ “අන්තවාදයෙන්” ඉරාන ජනතාවගේ “මානව හිමිකම්” ආරක්ෂා කිරීමට සටන් කරන බවට ට්‍රම්ප් ආන්ඩුව ගෙනයන ප්රතිගාමී ප්‍රචාරයයි. ඒ සඳහා ඔහු, ඉරාන ධනපති පන්තියට හා එහි දෘෂ්ටිවාදයට එරෙහි අරගලය ව්‍යාජ ලෙස පටලවයි. මෙම වාචාල ප්‍රකාශ වලට මුවාකර ඇත්තේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි කම්කරු පන්තිය පාදක කරගත් අව්‍යාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට වල කැපීම සඳහා පෙසප කැපවීමයි.
පෙසපයේ මෙම සියලු ප්‍රතිපත්ති එහි ධනේශ්වර සහ අධිරාජ්‍ය ගැති දිශානතියෙන් ගලා එයි. ශ්‍රී ලංකාවේ, පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් නිර්මානය කිරීම සඳහා “මහජන සභා” මගින් ජනතා ව්‍යාපාරයක් ගොඩනගන ලෙස එය උද්ඝෝෂනය කරයි. කුමක් සඳහා ද? ආන්ඩුවේ ප්‍රතිපත්ති වෙනස් කොට ජනතා හිතවාදී යයි කියන ප්‍රතිපත්ති ගැනීමට පාර්ලිමේන්තුවට බලපෑම් කිරීම සඳහා ය.
අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ව “ජාත්‍යන්තර ජනතා බලය” ගොඩනගන ලෙස එය ඉල්ලා සිටී. කුමට ද? යුද්ධය නතර කරන ලෙස අධිරාජ්‍යවාදයට බලපෑම් කිරීමට ය. වියවුල් සහගත මෙම ලෝකයේ ජීවත් වීමට හොඳ ම ක්‍රමය “නොබැඳි පිලිවෙත” බව එය ආන්ඩුවට උපදෙස් දෙයි. මෙම ප්‍රතිපත්තිය යොමු වී ඇත්තේ ජාත්‍යන්තර ව කම්කරු පන්තිය හා එහි කොටසක් වන ලංකාවේ කම්කරු පන්තිය දේශපාලනික ව නිරායුධ කිරීමටයි.
මෑත උදාහරනයක් ගනිමු: අවසානයේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලවා හරින ලද දශ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන් ද සහභාගී වූ 2022 මහජන නැගිටීමේ දී, පෙසප ඉදිරිපත් කල වැඩපිලිවෙල වුයේ, පාර්ලිමේන්තුවේ සියලු ධනපති පක්ෂ හවුල් කර ගත් 'අන්තර් වාර ආන්ඩුවක්' හැදීමයි. ධනපති පාලනය ස්ථාවර කිරීම සඳහා ජවිපෙ/ජාජබ ද සමගි ජන බලවේගය ද තවත් ධනපති පක්ෂ ද ඉල්ලා සිටියේ ද එවන් අන්තර්වාර පාලනයකි.
මහජන නැගීටිමට ඇබ ගැසිම සඳහා ගෙනගිය මෙම දේශපාලන උපාමාරුවල අවසන් ප්‍රතිපලය වුයේ, එම මහජන අරගලය පාවාදීමට හා මර්දනය කිරීමට ඉඩසලසමින් ඇමරිකානු ගැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කිරීමට පාර්ලිමේන්තුවට හැකිවීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගොරතර කප්පාදු වැඩපිලිවෙල කඩාපාත් කිරීමයි.
ඩිට්වා සුලි කුනාටුව මධ්‍යයේ, පෙසප සති දෙකක්, ආන්ඩුවට එරෙහි ව්‍යාජ විවේචන ද නැවැත්වීය. නය ගෙවීම් “අත්හිටුවන” ලෙසත්, කප්පාදු පියවර ලිහිල් කිරීම සඳහාත් ජාමූඅ සමඟ සාකච්ඡා කරන ලෙසත් එය ජනාධිපතිගෙන් ඉල්ලා සිටියේ ය. මෙම ප්‍රතිපත්ති මගින් මෙම අවස්ථාවාදීන් කම්කරුවන්ට සහ දුප්පතුන්ට ආන්ඩුවට ආයාචනා කිරීමෙන් සහ ධනේශ්වර රාමුව තුල ඔවුන්ගේ ජීවන සහ සමාජ තත්වයන් ආරක්ෂා කර ගත හැකි බවට මාරක මිත්‍යාවන් වපුරයි.
කම්කරුවන් සහ තරුනයින් මෙම ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කල යුතු ය. ඊට එරෙහි ව, යුද්ධයට සහ අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට එරෙහි ව සටන් කිරීම සඳහා විප්ලවවාදී සමාජවාදී ප්‍රතිපත්ති වෙත හැරිය යුතු ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ එහි ශාඛා සහ මාක්ස්වාදී ප්රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනක් ම අධිරාජ්‍යවාදී යුද්ධය පරාජය කිරීමේ සක්ය විකල්ප වැඩපිලිවෙල ඉදිරිපත් කර ඇත.
ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කර ඇති සංයුක්ත ක්‍රියා මාර්ගය මෙසේ ය: ඉරානයට එරෙහි එක්සත් ජනපද සහ ඊශ්‍රායල මෙහෙයුම් වහා ම සහ කොන්දේසි විරහිත ව නැවැත්වීම; මැද පෙරදිගින් එක්සත් ජනපදය ඉවත් වීම සහ කඳවුරු වසා දැමීම; නේටෝව විසුරුවා හැරීම සහ එක්සත් ජනපද මිලිටරි-ඔත්තු සේවා විසුරුවා හැරීම; සම්බාධක සහ ආර්ථික යුද්ධය අවසන් කිරීම; යුද්ධයේ නිර්මාපකයින් සඳහා පූර්න වගවීම; සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ වැඩි දියුනු කිරීම.
අපගේ ව්‍යාපාරය අවධාරනය කර ඇත්තේ මෙම ඉල්ලීම් අධිරාජ්‍යවාදී බලවතුන්ට ආයාචනා කිරීමෙන් කිසිසේත් ම සාක්ෂාත් කරගත නොහැකි බවයි. ඒවා සාක්ෂාත් කරගත හැක්කේ සමාජවාදී, ධනේශ්වර විරෝධී වැඩ පිලිවෙලක් මත ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීන ව දේශපාලනික ව බලමුලු ගැන්වීම හරහා පමනක් බවත් ය.
මෙම ව්‍යාපාරය ගොඩනැගීමේ දී අත්‍යවශ්‍ය මූලධර්ම හතරක් තිබේ. ඒවා නම්: ජාත්‍යන්තර කම්කරු පන්ති නායකත්වය; මූල්‍ය ප්රාග්ධනයට සහ යුද්ධය ඇති කරන ලාභ ක්‍රමයට එරෙහි සමාජවාදී විරෝධය; සියලු ධනේශ්වර පක්ෂ සහ සංවිධානවලින් සම්පූර්නයෙන් බිඳීම; සහ ජාත්‍යන්තරවාදය මෙම ක්‍රියා මාර්ගයේ පදනම ලෙස ගැනීම.
ඉරානයට එරෙහි යුද්ධයට එරෙහි ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස මෙම ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය සහ සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ, මාර්තු 17 වන දින රැස්වීමක් පවත්වයි. මෙම රැස්වීමට සහභාගී වන්න.
ස්ථානය: මහජන පුස්තකාල ශ්‍රවනාගාරය, කොලඹ.
දිනය සහ වේලාව: මාර්තු 17, අඟහරුවාදා සවස 4 ට.
